ඔන්න එහෙනම් අදත් අලුත් පොස්ට් එකක් අරන් අවා. මේක Sony phone තියෙන අයට තමයි ටිකක් වැදගත් වෙන්නේ. Flashtool කිවුවම Sony Phone තියෙන අය දන්නවනේ මොකක්ද Flashtool වලින් වෙන්නේ කියලා. හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Windows 10 සදහා නිවැරදිව Flashtool install කරගන්නේ කොහොමද කියල. එහෙනම් වැඩේ පටන් ගමු............(මේ ක්‍රමය Windows 8/8.1 සදහාද සහය දක්වයි)
- මුලින්ම Flashtool Install කර ගන්න. (flashtool නැති අය මෙතනින් DOWNLOAD කර ගන්න)
- ඊට පස්සේ කලින් කර වගේ Drivers Install කරන්න යන්න එපා. ඊට කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා.
- දැන් ඔයාලගේ PC එකේ මෙන්න මේ තැනට යන්න.... (All Setting-----Update & security-----Recovery ඔතන ඇති Advance Startup කියල එකක්. එකෙ Restart Now ලබා දෙන්න)
- ඉන්පසු පහත ආකාරයට තිරයේ දිස්වේ. එතනින් Troubleshoot යන්න තෝරන්න.
- Startup settings තෝරන්න
- පහත ආකාරයට දිස්වි පරිගණකය Restart වෙයි.
- හරි.... කලින් කර පියවරෙන් පස්සේ පරිගණකය Restart වී පහත තිරය දිස්වෙයි. ඔතනදි මතක ඇතුව F7 key එක ඔබන්න.
- දැන් ඔක්කොම හරි. දැන් සාමාන්‍ය පරිදි පරිගණකය ස්ටාර්ට් වෙයි.
- මේ Path යන්න Drivers install කිරීම සදහා. (C:\Flashtool\drivers)
- install කියන එක දුන්නයින් පස්සේ Drivers install වෙයි. හරියට install උනානම් පහත පරිදි දිස්වෙයි.
හරි එහෙනම්. මන් හිතනවා හැමෝගෙම හරියට Drivers Install වෙන්න ඇති කියලා. තවත් මේ වගේ අලුත් පොස්ට් එකකින් හමුවෙමු.